Home Blog Grid Eye Care ගර්භනී අවධියේදී සිදුවන පෙනීමේ වෙනස්වීම් පිළිබද ඔබ දැනගත යුත්තේ මොනවාද?

ගර්භනී අවධියේදී සිදුවන පෙනීමේ වෙනස්වීම් පිළිබද ඔබ දැනගත යුත්තේ මොනවාද?

ගර්භනී අවධියේදී කාන්තාවකගේ ශරීරය තුල විවිධ වෙනස්කම් සිදුවේ. ඔබ ගර්භනී කාන්තාවක් නම්, එම කාල සීමාව තුල ඔබට අජීරණ තත්ත්වයන්, වළලුකර, පාද සහ මුහුණ ඉදිමීම් දක්නට ලැබේ. මෙහිදී පැහැදිලි කරන්නේ, ගර්භනී අවධියට පෙර සහ පසු ඔබගේ පෙනීමට සිදුවන වෙනස්කම් පිළිබඳවයි.

සමහර අවස්ථාවලදී, මෙම වෙනස්කම් දරුවාගේ උපතින් පසු යලි යථා තත්වයට පත්වීම හෝ පහව යාමක් සිදුවේ. තවත් විටෙකදී, ගර්භනීබාවයෙන් පසු දිගු කාලයක් පවතින පෙනීමේ වෙනස්කම් හෝ ඔබ බලාපොරොත්තු නොවුන ලෙස පෙනීමේ ගැටළු  ඇතිවිය හැක.

ගර්භනීබාවය හේතුවෙන් ඇතිවන වෙනස්කම්

ඔබ ගර්භනීව සිටින විට සහ ඉන් පසුව පෙනීමේ ආබාධ සහ වෙනස්කම් ඇතිවීම සාමාන්‍ය දෙයක් නොවේ. ඔබේ ඇස්වල භෞතික වෙනස්කම්, ඔබේ කෝනියා ඝනකම වැඩි වීම හෝ ඔබේ කාච (ඇස් වලට පෙනෙන ව්‍යුහයන් පැහැදිලිව දැක ගැනීම සඳහා ඔබේ ඇස් පිටුපස ආලෝක කිරණ නාභිගත කිරීමට කාච උපකාරී වේ) වඩා වක්‍ර වීම වැනි අවස්ථා නිසා ඇති විය හැකිය. මෙවැනි වෙනස්කම් පෙනීමේ ගැටළු වලට හේතු විය හැක.

මීට අමතරව, ගර්භනී කෙනෙකුගේ ඇස් පෙනීම අඩු වීමට බලපාන සාධක වන්නේ,

• හෝමෝන වෙනස්කම්.

• වසා ග්‍රන්ථි ඉදිමීම.

• රුධිර පරිමාව වැඩි වීම.

• ශරීරයේ සිදුවන වෙනත් භෞතික වෙනස්කම්.

ඔබට ඇතිවිය හැකි විශේෂිත දෘෂ්ටි ගැටළු මොනවද?

01. ගර්භනී සමය

ඇස්වල වියළි ගතිය (Dry eye) යනු ගර්භනී අවධියේදී බහුලව ඇතිවිය හැකි තත්ත්වයකි.

වෙනත් දෘෂ්ටි ගැටළු ලෙස,

• ඇසක හෝ දෙකෙහිම ඇතිවන බොඳ වූ අපැහැදිලි පෙනීම.

• හදිසියේ ඇතිවිය හැකි වේදනා සහගත හෝ වේදනාවක් නොමැතිව පෙනීම නැතිවී යාම.

• ක්‍රමයෙන් වේදනා රහිතව පෙනීම නැතිවී යාම.

• වේදනාවකින් තොරව ඇතිවන ඇස් වල දැවිල්ල, කැසීම හෝ වැඩිපුර කඳුලු ගලා යාම.

ගර්භනීබාවය හේතුකොට ගෙන පමණක් නොව විවිධ රෝගී තත්ත්වයන් (ග්ලුකොමා) ආදිය නිසාද ඉහත ගැටලු ඇති විය හැකි බැවින් ඔබට පෙනීමේ අපහසුතා හෝ වෙනස්කම් ඇති වන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය.

තවද, ඔබට ද්විත්ව දෘෂ්ටිය (Double Vision) හෝ සම්පූර්ණයෙන්ම පෙනීම නැති වීමක් සිදු වුවහොත්, මෙය අධි රුධිර පීඩනය නිසා හෝ ගර්භනීබාවයේදී  ඇතිවන දියවැඩියාව නිසා ඇති වූවක් වියහැකිය.

02. ප්‍රසුතියෙන් පසුව  

ප්‍රසුතියෙන් පසුව ඔබට තාවකාලිකව පැහැදිලිව පෙනීම අඩුවීම හෝ  බොඳ වී පෙනීම ඇති වීම සාමාන්‍ය දෙයකි. මීට අමතරව, Centers for Disease Control and Prevention (CDC) දැනුවත් කරන ආකාරයට,

• දීප්තිමත් ආලෝකයන් එක්වර පෙනීම.

• පෙනීමේදී තැනින් තැන දිස්වන දීප්තිමත් ලප.

• පෙනීමේදී තැනින් තැන දිස්වන අඳුරු ලප.

• ද්විත්ව දෘෂ්ටිය (Double Vision).

ගර්භනී සමයෙන් පසු හෝ ප්‍රසුතියෙන් වසරකට පසුවත් ඇති විය හැකි බැවින් ඔබ හැකි ඉක්මනින් වෛද්‍ය  ප්‍රතිකාර ලබා ගත යුතුය.

03. වෙනත් අවස්ථා

දැනටමත් ඇස් වල විවිධ ආබාධ සහිත පුද්ගලයින් (උදා: ග්ලුකෝමා)¸ අධි රුධිර පීඩනය හෝ දියවැඩියාව සහ දරුවන් ලබා ගැනීම සඳහා ඖෂධ ලබා ගන්නා (fertility treatments) ගන්නා අය ඇස් පෙනීම සම්බන්ධයෙන් වඩාත් සුපරීක්ෂාකාරී විය යුතුය. මන්ද මෙම තත්වයන් ඔවුන්ට පෙනීම වෙනස්වීමට වේගවත් බලපෑමක් ඇති කළ හැකි බැවිනි.

ගර්භනී හෝ කිරිදෙන මව්වරුන්ගේ ඇසේ කළු ඉංගිරියාව ප්‍රසාරණය වීම (සාමාන්‍ය තත්ත්ව වලදී ඇසේ කළු ඉංගිරියාව ආලෝක සංවේදී බැවින් එය විශාල වීම, කුඩා වීම සිදු වේ) සිදු නොවන අතර එසේ සිදුවන්නේ නම් එය ඇසේ රෝගී තත්වයක් හට ගැනීම හෝ පෙනීම නැතිවීමේ අවධානමක් විය හැක. ෆීනයිල්ෆ්‍රීන් (phenylephrine) අඩංගු ඇස් සදහා යොදාගන්නා දියරමය ඖෂධ (Eye Drops) මව්කිරි වලට බලපෑමක් කරන්නේද යන්න සහ  ඒවා ළදරුවෙකුගේ වර්ධනයට බලපෑමක් ඇති කරන්නේද යන්න තවම සොයාගෙන නොමැත. එම නිසා ඒ පිළිබද ඉතා හොදින් සැලකිලිමත් විය යුතුවේ. 

මීට අමතරව, පෙනීමේ ගැටළු තිබේ නම්, ගර්භනී හෝ මව්කිරි දෙන මව්වරුන් LASIK සැත්කම් සඳහා තෝරා නොගත යුතුය.

සමාලෝචනය

ගර්භණී සමයේදී, ඔබේ ශරීරය බොහෝ වෙනස්කම් වලට භාජනය වන අතර ඔබේ පෙනීමේ වෙනස්කම් ඉන් එකකි. සමහර ගැටලු ඔබේ ගර්භණී සමයේදී ඇති වන අතර අනෙක් ඒවා පශ්චාත් ප්‍රසව කාලය තුළ පැන නගී. කලින් ඇස් ආබාධ තත්වයන් පැවති පුද්ගලයින් ඉහත කාලවලදී  පෙනීමේ වෙනස්කම් වලට යොමුවීමේ අවධානම වැඩි අතර වැඩි ප්‍රවණතාවක් තිබිය හැකිය.

අවසාන වශයෙන්, ඔබ ගැබ්ගෙන සිටින විට හෝ දරු ප්‍රසූතියෙන් පසුව පෙනීමේ ගැටලු හෝ ආබාධ තත්ත්වයන්  ඇත්නම්, හැකි ඉක්මනින් ඇස් සම්බන්ධ වෛද්‍යවරයෙකු හෝ ඒ හා සම්බන්ධව කටයුතු කරන  සෞඛ්‍ය සේවා සපයන්නෙකු සම්බන්ධ කර ගැනීමට වග බලා ගන්න.

හමුවීමක් වෙන්කරවා ගැනීමට කරුණාකර මෙය ක්ලික් කරන්න BOOK NOW 

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.