Home Blog Grid Eye Care මයෝපියා තත්ත්වය දරුවන්ට සහ තරුණ අවධියේදී බලපාන ආකාරය

මයෝපියා තත්ත්වය දරුවන්ට සහ තරුණ අවධියේදී බලපාන ආකාරය

මයෝපියා තත්ත්වය සාමාන්‍ය දෘෂ්ටි ගැටලුවකි. මෙය වයස අවු : 6ත් 14ත් යන වයස් කාලවලදී ආරම්භ විය හැක. ඇස්තමේන්තු කර ඇති ආකාරයට 5%ක් පමණ පෙර පාසල් යන දරුවන්ට, 9%ක් පමණ පාසල් යන වයසේ දරුවන්ට සහ 30%ක් පමණ වැඩිහිටි ප්‍රජාවට ද මෙම තත්ත්වය ඇතිවිය හැක.

දරුවන්ට බොහෝවිට මයෝපියා තත්ත්වය ඇතිවිය හැක්කේ, ඔවුන්ගේ දෙමාපියන්ටත් මයෝපියා තත්ත්වය පවතින විටයි. බොහෝ දෙනෙකුට  මෙය ඇතිවීමට නිශ්චිත හේතුවක් හදුනාගත නොහැක. නමුත් විශේෂඥයින්ගේ විශ්වාසය වන්නේ, වැඩි වෙලාවක් ලගම ඇති වස්තුන් දෙස බලාසිටීමෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකි බවයි. ( උදා : පරිගණක තිර [Computer Screen] , වීඩියෝ ගේම් [Video Game])

ඇසෙහි වර්ධනය සහ පෙනීම

මයෝපියා තත්ත්වය ඇතිවීමට බලපාන්නේ, ඔබේ දරුවාගේ අක්ෂි ගෝලයේ (Eye Ball) හැඩයේ ඇති අසමානතාවයයි. එය ඉදිරියට වඩා පිටුපසට දිගින් වැඩිවීම මෙයට හේතුවයි. මෙය ඇස ඉදිරියේ ඇති කෝනියාව(Cornea) ඉතා දැඩි ලෙස වක්‍රවීම නිසාද ඇතිවේ. ඔබගේ දරුවාගේ ඇසට ආලෝකය ඇතුල්වීමේදී ආලෝක කිරණ ඇසේ පිටුපස ඇති ආලෝකය සංවේදී වන දෘෂ්ටි විතානයට පතිත වේ. මෙමගින් දුර ඇති වස්තූන් අපැහැදිලි වන අතර සමීපව ඇති වස්තූන් පැහැදිලිව දැක ගත හැකිවේ.

මෙහි විරුද්ධ තත්ත්වය හයිපරෝපියා (Hyperopia) වේ. එහිදී දුර ඇති වස්තූන් පැහැදිලිව දැක ගත හැකි අතර සමීප වස්තූන් අපැහැදිලි වේ. ඇතැම්විට මෙම තත්ත්වය කුඩා කාලයේ සාමාන්‍ය විය හැක. කුඩා කාලයේ අක්ෂි වර්ධනය වීම සම්පුර්ණයෙන්ම සිදු නොවී ඇති නිසා ඔවුන් වර්ධනය වෙත්ම මෙය මගහැරී යයි. නමුත්, මයෝපියා තත්ත්වය කුඩා කාලයේදී ආරම්භ වී අවු : 20ක් පමණ වනවිට වඩාත් අයහපත් තත්ත්වයකට පත්විය හැක.

මයෝපියාවල ලක්ෂණ

  • අපැහැදිලි පෙනීම (උදා: දරුවන් තමන්ට පාසලේ කළුලෑල්ල නොපෙනේ යැයි පැමිණිලි කිරීම).
  • නිතර ඇතිවන හිසරදය
  • නිරන්තරයෙන් ඇස් පොඩිකිරිම.
  • ඇස් කුඩාකර දුර ඇති වස්තූන් දෙස බැලීම. 

මයෝපියා තත්ත්වය හදුනාගැනීම  

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් හෝ අක්ෂි විශේෂඥයකුගෙන් පාසැල තුල සාමාන්‍ය ඇස් පරීක්ෂණයකට (Vision Screening) දරුවාව යොමු කරවන්න. එහිදී ඔබේ දරුවා පරීක්ෂණය අසමත් වුවහොත් බොහෝවිට මයෝපියා තත්ත්වය ඇති බවට සැක කල හැක. එබැවින් රෝග විනිශ්චයක් ලබා ගැනීම සදහා අක්ෂි වෛද්‍යවරයෙකු වෙත ඔබේ දරුවා යොමු කිරීම වැදගත්වේ.

අක්ෂි වෛද්‍යවරයා (Ophthalmologists)

අක්ෂි වෛද්‍යවරුන් අක්ෂි විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබදව උපාධිධාරීන් වේ. ඔවුන් අක්ෂි පරික්ෂා කිරීම්, ඇස් වලට අවශ්‍ය කාච නිර්දේශ කිරීම්, ඇස් කණ්ණාඩි නිර්දේශ කිරීම් පමණක් නොව ඇස් හා සම්බන්ධ සැත්කම්ද සිදු කරයි.

අක්ෂි විශේෂඥයා (Optometrists)

අක්ෂි විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබදව උපාධියක් සහිත අක්ෂි විශේෂඥයින් අක්ෂි පරීක්ෂණ, ඇස් කණ්ණාඩි හෝ අක්ෂි කාච (Contact Lenses) සහ ඇතැම් පෙනීමේ ගැටළු පරික්ෂා කර ප්‍රතිකාර කරයි.

දෘෂ්ටි පරීක්ෂක (Optician)

දෘෂ්ටි පරික්ෂකයෙකුගේ කාර්ය වන්නේ, අක්ෂි වෛද්‍යවරයෙකු හෝ අක්ෂි විශේෂඥයෙකු විසින් නිර්දේශ කරනු ලබන ඇස් කණ්ණාඩි නිවැරදිව ගැලපෙන ලෙස ඔබට තොර දීමයි.

දරුවන්ගේ මයෝපියා තත්ත්වයට ප්‍රතිකාර

මෙය සම්පුර්ණයෙන්ම සුවපත් කිරීමට නොහැකි නමුත් එයට ප්‍රතිකාර කල හැක. මෙහිදී ප්‍රතිකාර කිරීමෙන් බලාපොරොත්තු වන්නේ, ඔබගේ දරුවාගේ පෙනීම වැඩිදියුණු කිරීම හෝ අයහපත් ප්‍රතිපල ඇසට ඇතිවීම වළක්වාලීමයි. අනාගතයේදී ඔබේ දරුවා ඇස් කණ්ණාඩි හෝ අක්ෂි කාච (Contact Lenses) නොපැලදුවත්, ඔබේ දරුවාගේ අක්ෂි සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම වැදගත්වේ.

ඇස් කණ්ණාඩි (Glasses)

මයෝපියා තත්ත්වය සදහා ඔබේ දරුවාට නිතරම හෝ අවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් ඇස් කණ්ණාඩි භාවිත කල හැක. එමගින් දරුවාට දුර ඇති වස්තූන් පැහැදිලිව දැකිය හැකිය. තවද ඔබේ දරුවාගේ වයස සහ ක්‍රියාකාරකම් සදහා හොදින් ගැලපෙන ඇස් කණ්ණාඩි රාමු තෝරා ගැනීම වැදගත් වේ.

උදාහරණයක් ලෙස ඔබට කුඩා දරුවෙකු සිටී නම්, ඔහුට / ඇයට කණ්ණාඩියක් මිලදී ගැනීමේදී ඒ සදහා පටියක් (Strap) මිලදී ගත්විට ඔහුට /ඇයට අපහසුවකින් තොරව කණ්ණාඩිය පැළදීමට සහ පැළදගෙන දිගු වෙලාවක් පහසුවෙන් සිටීමට හැකියාව ඇත. එසේත් නැතිනම්, ඔබේ දරුවා ක්‍රීඩා කරනවා නම් ඒ සදහාම විශේෂිත වූ ක්‍රීඩා කණ්ණාඩි (Sports goggles) ලබා ගත හැක. එමගින් ක්‍රීඩා කිරීමේදී සාමාන්‍යයෙන් කණ්ණාඩි කැඩීම වලක්වා ගත හැක. ඔබට දෘෂ්ටි පරික්ෂකයෙකුගේ සහයෙන් දරුවාට අවශ්‍ය කණ්ණාඩිය තොරා ගැනීමට උපකාර ලබා ගත හැක.

අක්ෂි කාච (Contact Lenses)

ඔබේ දරුවා කැමති නම්, අක්ෂි කාච ද පෙනීම පහසු කිරීමට යොදා ගතහැකි විකල්පයකි. අක්ෂි කාච භාවිතය විවිධ අවස්ථාවන් සදහා ප්‍රයෝජනවත් වේ. විශේෂයෙන් ක්‍රීඩා කරන දරුවන්ට හෝ වැඩිහිටියන්ට මෙය පහසු ක්‍රමයකි. තවද මෙයට වයස් සීමාවක් නොමැති අතර දරුවා අක්ෂි කාච භාවිතා කරන්නේ නම් Eye Drops භාවිතයේදී වන අපහසුතා දරා සිටිමටත්, දිනපතා ඇස් පිරිසිදුව තබාගෙන සනීපාරක්ෂාව පිළිබද සැලකිලිමත් වීම වැදගත් වේ.

ඔබේ දරුවා බොහෝ අවස්ථාවන්වල අක්ෂි කාච පළදිනවා නම් අමතර ඇස්  කණ්ණාඩියක් ද තමන් සතුව තබා ගැනීම වැදගත්වේ.  මන්දයත්, එය විකල්පයක් ලෙස භාවිත කලහැක.  අක්ෂි කාච පැළද සිටින විට ඔබේ දරුවාට ඇසේ වේදනාවක් හෝ ඇස්වල රතු පැහැයක් ඇත්නම් වහාම ඔබේ අක්ෂි වෛද්‍යවරයා හමුවිය යුතුය.

මයෝපියා තත්ත්වය අයහපත් අතට හැරීම වැලැක්වීම සදහා ප්‍රතිකාර

පර්යේෂකයින් විසින් දරුවන් තුල මයෝපියා තත්ත්වය අයහපත් අතට හැරිම වැලැක්වීම සදහා විවිධ ක්‍රම අධ්‍යනය කර ඇත. මෙම ප්‍රතිකාර ක්‍රම වලට ඇතුළත් වන්නේ,

  • ඇට්‍රෝපින් (Atropine) සහිත ඇසට භාවිතා කරන ඖෂධ (Eye Drops) අඩු මාත්‍රාවකින් භාවිතා කිරීම.

මයෝපියා තත්ත්වය අඩු කිරීමට ඇසට භාවිතා කරන ඖෂධ (Eye Drops) වර්ග අඩු මාත්‍රාවක් වයස අවු: 5ත් 18ත් අතර දරුවන්ට ලබාදීමෙන් මයෝපියාව මන්දගාමී කලහැක. මේ සඳහා ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

  • විශේෂිත අක්ෂි කාච (Specialized Contact Lenses)

මේ සදහා නිර්මාණය කරන ලද විශේෂිත අක්ෂි කාච (Multifocal Contact Lenses) භාවිතා කල හැක. එමගින් අක්ෂි වර්ධනය මන්දගාමී කිරීම හෝ මයෝපියාව සීමා කිරීමට උපකාරී වේ.

  • Orthokeratology

තවත් අක්ෂි කාච ප්‍රතිකාර ක්‍රමයක් ලෙස Orthokeratology (Ortho – K) දැක්විය හැක. මෙහිදී මෙම අක්ෂි කාචය රැයක් පැළද සිටීමෙන් ඔබගේ කෝනියා කොටස තුනී කිරීමක් (Flat) සිදුවේ. එහිදී හැඩගැසී ඇති කෝනියාව මගින් දිවාකාලයේදී බොදවී පෙනෙන වස්තුන් පැහැදිලිව පෙනෙන අතර මෙහිදී ඔබේ දරුවාගේ දෘෂ්ටි විතානය මත ආලෝකය නිසි ලෙස නාභිගත විමට හැකියාව ලැබෙන පරිදි කොනියාව නැවත හැඩගස්වනු ලැබේ. මෙම ප්‍රතිකාරය වඩාත් ආරක්ෂාකාරී වන්නේ, අක්ෂි කාච පැළද නින්දට යාම සිදුකිරිමේදී දරුවාගේ ඇස්වල දැවිල්ල සහ ආසාදන අවධානම වැඩි කරන බැවිනි. එය වඩාත් දරුණු දෘෂ්ටි ගැටළු ඇතිවීමේ අවදානම ද වැඩි කරයි. එබැවින් ඒ පිළිබද වඩාත් සැලකිලිමත් විය යුතුය.

  • වැඩි කාලයක් එළිමහනේ රැදී සිටීම

එළිමහනේ කාලය ගත කිරීමෙන්ද මයෝපියා තත්ත්වය කළමනාකරණය කරගත හැක. එනම් හැකි සෑම විටම පරිගණක තිරය ඉදිරියේ නොසිට බාහිර පරිසරය සමග කාලය ගතකිරීම තුලින් මෙම තත්ත්වය මන්දගාමී කල හැක. මෙමගින් ඔබේ දරුවාගේ දුර බැලීමට ඇති හැකියාව පාලනය කර ඔවුන්ගේ පෙනීම ආරක්ෂා කිරීමට උපකාර විය හැක.

සමාලෝචනය

ඔබේ දරුවා මයෝපියා රෝග ලක්ෂණ අත්විදින බව ඔබ සිතන්නේ නම්, ළමා රෝග විශේෂඥයෙකු සමග සාකච්ඡා කරන්න. එවිට ඔවුන් ඔබේ දරුවාව සාමාන්‍ය ඇස් පරික්ෂාවකට (Vision Screening) ලක්කර ඊළග පියවර පිළිබද ඔබව දැනුවත් කරනු ඇත.

හමුවීමක් වෙන්කරවා ගැනීමට කරුණාකර මෙය ක්ලික් කරන්න BOOK NOW 

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.